Colombo Today Local News

ඝාණ්ඨාර ලණුවේ ගෙල සිර වී පාසල් සිසුවෙක් මරුට

ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිර වි අද (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල කොටස් පදිංචි අවු 8 වයසැති විග්නේෂ්වරන් දිලුක්ෂන් නැමති පාසල් සිසුවෙකි.

මිය ගිය සිසුවා පවුලේ තෙවනියා වු බවත්,එම සිසුවා නොර්වුඩ් ඩන්කන් දමිල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

තම නිවස ආසන්නයේ පිහිටි එම වතු යායේ කොවිලේ ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කිරිමට (11) දින උදැසන 9 ට පමණ ගිය සිසුවා ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරන අවස්තාවේ ඝාණ්ඨාර ලණුව ගෙල ප්‍රදේශයේ සිර වි පාසල් සිසුවා ලණුවේ එල්ලි සිටියදි එම වතුයායේ වතු අධිකාරිවරයා විසින් දැක එ පිලිබදව වතු කම්කරුවන් වෙත දැනුම් දි ලණුවේ ගෙල සිර වි සිටි සිසුවා ඉන් මුදාගෙන රෝහල් ගත කරන විටත් සිසුවා මියගෙස් සිටිය බවයි පොලිසිය පවසයි.

මිය ගිය පාසල් සිසුවාගේ සිරුර මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

පාසල් මුරකරු සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කරලා

colombotoday

නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

කන්දකාඩු රැඳවියාගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට..

colombotoday