Colombo Today Local News

කොවිඩ් අසාදනයෙන් මියගිය බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් ප්‍රතික්ෂේප කරයි

ඉකුත් දෙසැම්බර් 08 වනදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී කොවිඩ් නියුමෝනියාවෙන් මියගිය දින 20 ක් වයසැති බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා අද (10)දින කරුණු පැහැදිලි කළේය.

“මව ප්‍රකාශ කරලා තියෙනවා මේ දරුවා දවස් එකහමාරක් පමණ නිදිමත ගතියෙන් සිටි බව. ඒ නිදිමත ගතිය ගොඩාක්ම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා. ඒ වගේම මවගේ ප්‍රකාශවලින් කියැවෙනවා මව කිරිදෙන විට මේ දරුවාට කිරි හිරවීමක් සිදුවුවා කියලා. හැබැයි දෙමාපියන් මීට වඩා කලින් මේ දරුවා රෝහල්ගත කරේ නම් මේ දරුවාගේ ජීවිතය සමහරක් වෙලාවට බේරා ගැනීමට හැකියාවක් තිබුණා. ඇන්ටිජන් ටෙස්ට් එකෙන් හා පීසීආර් පරීක්ෂණයෙන් යන දෙකෙන්ම තදබල ලෙස මේ දරුවාට කොරෝනා වෛරසය ශරීරගතවී ඇති බව සනාථ වුණා. දෙමාපියන් කිසිකෙනෙක් දරුවාගේ මෘත දේහය භාරගැනීමට පැමිණියේ නැහැ. ඊට පස්සේ අපි මෘත ශරීරාගාරයට යැව්වා. දෙමාපියන්ට පොලීසිය මඟින් අපි දැනුම්දුන්නා. ඒත් ඔවුන් පැමිණියේ නෑ දේහය භාරගැනීම සඳහා. අවසානයේ දී සන්ධ්‍යා කාලයේ දී රජයේ වියදමින් ආදාහන කටයුතු කිරීමට සිදුවුණා. “

Related posts

හෙට උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින්

colombotoday

පොහොට්ටුවේ මහරගම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් මහා බොරුවක් මවනවා.. මුස්ලිම් සංහාරයක් නෑ” – අවුන්සාන් සූඛී

colombotoday

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

Admin

අපේ ආණ්ඩුවට වැරදුනා…

colombotoday

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin