Colombo Today Local News

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

දින 21ක් පුරා පැවැති 2021 වසර සඳහා වන අයවැය විවාදය අද(10)දින පස්වරු 5ට අවසන් වීමට නියමිත අතර අයවැය තුන්වැනිවර කියවීමේ කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.

පසුගිය නොවැම්බර් 17 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් 18 සිට 21 දක්වා පැවැති අතර එහි ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 99කින් සම්මත විය.

ඉන්පසු නොවැම්බර් 23 සිට පැවැති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද පැවැත්වෙන මුදල් අමාත්‍යංශයේ, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශ ත්‍රිත්වයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු පැවැත්වේ.

2020 වසර සඳහා පාර්ලිමේන්තුව අවසන් වරට අද රැස්වන අතර මීළඟ සභා වාරය එළැඹෙන වසරේ ජනවාරි 5වැනි දින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.

මේ අතර මේ දිනවල පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අද සවස අයවැය අවසානයේ කථානායක නිල නිවසේ දී 700කට වැඩි පිරිසකට සාදයක්ද සංවිධානය කර ඇත.

Related posts

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ

colombotoday

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

රනිල් වික්‍රමසිංහ පැරදිලා ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් : Video

colombotoday

අලුත් අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්… එජාපයෙන් කථානායකට භාරදෙයි…

colombotoday

හිටපු ජනපතිගේ හමුදා අධි ආරක්ෂාව ඉවත් කරයි.. ඒ වෙනුවට පොලීසිය යොදවයි !

colombotoday

වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday