Colombo Today Local News

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට දැඩි සංචරණ සීමා

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06ක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.

කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වීමත් සමග දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස්මත මෙම පියවර ගත් බවද ඒ මහතා කීය.

ගල්බොක්ක නැගෙනහිර,ගල්බොක්ක බටහිර,අලුත්විදිය.කොට්ටගොඩ,කොහුන්ගමුව.හෙට්ටිවිදිය යන මෙකි ගම්මානවලින් කොරෝනා ආසාදිත රෝගින් 18 දෙනෙකු පෙරේදා (08) වාර්තා වී තිබු අතර ඊට දිනකිහිපයකට පමණ පෙර දෙදෙනෙකු වාර්තා වී තිබුණි. මේ හේතුවෙන් ගම්මාන 06 සදහා දැඩි සංචරණ සීමා පැනවීම සුදුසු බවට සෞඛ්‍ය අංශ මගින් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාට නිර්දේශ කළ බවද හෙතෙම කීය.ඒ අනුව ඊයේ (09) රාත්‍රියේ සිට මෙකි ගම්මාන සදහා දැඩි සංචරණ සීමා පැනවීමට ආණ්ඩුකාරතුමා පොලිසියට නියෝග කළ බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසීය.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසිය.

“මේ ග්‍රාම නිලධාරිවසම් 06ට අයත් වන්නේ කුඩා කොටසක්. මේ ගම්මාන 6 එක ළග තියෙන පොඩි රවුමක් වගේ. පවතින තත්වය ගැන ආණ්ඩුකාරතුමාට වාර්තාකළාට පසු එතුමාගේ නියෝග පරිදි මෙම ගම්මානවල ජනතාවට පිටතට යාමටත් පිටතින් එන අයට ගම්මානවලට එමට නොහැකි පරිදි පොලිසිය මගින් දැඩි සංචරණ සිමා පැනවිමට කටයුතු කලා. හුදකලාකිරීමක් නෙවෙයි වෙන්නේ. දැඩි සංචරණ සීමා පැනවීමක් තමයි කරන්නේ. පී.සී.ආර් පරීක්ෂණ 300ක් කළා ඉන් පුද්ගලයින් 18 දෙනෙකු තමයි ආසාදනය වෙලා තිබුණේ. පී.සී.ආර් පරීක්ෂණ 20ක පමණ ප්‍රථිපල එන්න තියෙනවා මෙකී ප්‍රදේශවල පිහිටි පාසල් ද වසා දැමීමට තීරණය කරලා තියෙනවා” යැයිද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

රොහාගේ මරණය සමරන්න ගිය කුඩු අංජුගේ සහෝදරිය රිමාන්ඩ්

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

colombotoday

ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම මැතිවරණ රංගනයක්…

colombotoday

ගෑස් මිලත් රු. 400කින් ඉහළ යන ලකුණු

colombotoday

” සඳහිරු සෑය ඉදිකරන්න වියදම් කළ මුදල ජාතික අපරාධයක් ” – හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක කියයි

colombotoday

රවී නැති කැබිනට් හමුවේදී ජනපතිගෙගන් එජාපය ට දොස් මුරයක් !

colombotoday