Covid 19

ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 697ක් – කොළඹින් 357 යි

ඊයේ (09) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 697ක් හඳුනාගනු ලැබීය. එයින් ආසාදිතයින් තිදෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ.

මේ අතර ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඒ ආසාදිතයින් 357ක් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනා ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ගණනක් මට්ටක්කුලියෙන් වාර්තා වී තිබේ. ඒ 128කි. මේ අතර බොරැල්ලෙන් 110ක් හා කොල්ලුපිටියෙන් ආසාදිතයින් 25ක් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් මහරින් වාර්තා වී ඇත. මාබෝල ප්‍රදේශයෙන් 47ක්, කටුනායක 54ක් හා වේයන්ගොඩින් ආසාදිතයින් 17ක් ද වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද වන විට මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 26,512ක් ලෙස වාර්තා වන අතර, ඉන් ආසාදිතයින් 18,392ක් පූර්ණ සුවය ලබා ඇත.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,074ක් වන අතර එයින් පුද්ගලයින් 21,‍799ක් පූර්ණ සුවය ලබා තිබේ.

මේ අතර රෝහල්ගත රෝගීන් ගණන 8,131ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඊයේ දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 14,336ක් සිදුකර තිබේ.

Related posts

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

colombotoday

කිලිනොච්චියෙනුත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි

colombotoday

තහවුරු වූ තවත් කොවිඩ් මරණ 63ක් | සමස්ත මරණ ගණන 4258ක් දක්වා ඉහළට

colombotoday

නව ආසාදිතයින් 198ක්

colombotoday

කොළඹ-ගම්පහ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

බස්නාහිරින් නුවරඑලියට ආ 15 ක් නිරෝධායනයට

colombotoday