World

“ඇමරිකාවේ පැවැත්මට මුසල්මානුවන් තර්ජනයක්. රටට ඇතුළුවීමටවත් ඉඩ නොදිය යුතුයි” ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

doneld trumph 23

මුස්ලිම් ජාතිකයන් ඇමරිකාවට ඇතුළුවීම මුළුමනින්ම සහ සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අයි.එස් හිතවාදී මුස්ලිම් යුවලක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින්.

රිපබ්ලිකන් අපේක්ෂකයා වැඩිදුරටත් සදහන් කළේ ඇමරිකානුවන් කෙරෙහි වෛරී හැගීමෙන් පසුවන මුස්ලිම් ජාතිකයන් රටේ පැවැත්ම අවදානමට ලක් කරන බවයි. දැනට ඇමරිකාවේ ජීවත්වන ඉස්ලාම් භක්තිකයන් ගැන දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔහු පවසයි.

කෙසේ නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ධවල මන්දිරයේ දැඩි විවේචනයට ලක්වුණා. ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එය ඇමරිකානු අගයන්ට පටහැනි ප්‍රකාශයක් බවයි.

Related posts

කොරෝනා ආසාදනය වී පාකිස්තානයේ තබ්ලිගි ජමාත් ප්‍රධානීමරුට

colombotoday

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

2023 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට

Admin

ලෝකයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 664,192 දක්වා ඉහලට. පුද්ගලයින් 30,888 ක් මරණයට පත් වේ.

colombotoday

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin