Colombo Today Local News

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (08)දින තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට තීරණය වූ බවද දසනායක මහතා පැවසීය.

ඒ අනුව එම කාරක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 18 සිට 21 දක්වා වැඩි වන අතර ආණ්ඩු පක්ෂයට එක් සාමාජිකත්වයක් ද, විපක්ෂයට සාමාජිකත්වයන් 02ක් ද එකතු වනු ඇත.

මෙම රැස්වීමට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුද සහභාගී වූහ.

Related posts

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

හිටපු ඇමති මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

colombotoday

මෛත්‍රී නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවයි

colombotoday

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

‘අන්තර්ජාලෙන් මාව පට්ට ගහපුවාවේ, සංස්කෘතිය වනසන්න ඉඩ තියන්නෙ නෑ’ – ජනපති

colombotoday

ආණ්ඩුවට ගිය අපේ අපේ සමහරු එහෙ ඉන්නේ හිතකින් නෙවෙයි.. අද වුණත් එන්න ඒ අය ලෑස්තියි

colombotoday