Colombo Today Local News

වැවේ පිටවාන කඩන්නයි කියා පුත්තලම නාගරික මන්ත්‍රීගේ කනට ගහලා

පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රී එම්. එච්. එම් රශ්මි ( ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් ) මහතාට පුද්ගලයකු පහර දීමට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් අද(08)දින උදෑසන පුත්තලම නගර සභා කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ.බායිස් මහාතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු සහ සේවකයෝ මෙම විරෝධතාවයට එක්වී සිටියහ.

‘අපේ සේවකයින්ටත් හැම දාම මේ පුද්ගලයා කරදර කරනවා තර්ජනය කරනවා , මගේ වසමේ නගර සභා සීමාවේ ඇති නෙඩුම්කුලම වැවේ පිටවාන කඩන්ට කියලා පුද්ගලයෙක් ඉල්ලීමක් කලා, එයාගේ ගෙදරට යන පාර යටවෙලා කියලා. මම ඒ විස්තරය අහලා යන්න ගියා. පිටු පසින් ඇවිල්ලා මිනිහා මට කනට ගැහුවා. මේ පුද්ගලයා දින දෙකක් හැංගිලා ඉදලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා කියනවා . හැබැයි අපිට අපේ සේවකයින්ට ගැටළුවක් නැතිව සේවය කරන්න අවස්ථාව ඔනේ. එක එක්කෙනාට හිතු මතේට සංවර්ධන වැඩ කරන්න බෑ’ යි පහර කෑ පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රී එම්. එච්. එම් රශ්මි මහතා පැවසීය.

පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ.බායිස් මහතා මෙසේ කීය.’මේ පුද්ගලයා උසාවිය ඉදිරිපත් කරලා නිසි දඩුවම් දෙන්න ඕනේ. අපේ මන්ත්‍රීන්ට , නිලධාරීන්ට , සේවකයින්ට නිවැරදිව වැඩ කරන්න අවස්ථාව ඕනේ. අපි වැරැද්දක් කරනවා නම් එය ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් පැමිණිලි කරන්න පුළුවන්. කාටවත් පහර දෙන්න ගහන්න අයිතියක් නෑ. අපි සියළු දෙනාම එකට එතු වෙලා මේ කරන්නේ මෙයට සාධාරණයක් ඉටු කරණ ලෙසයි’

Related posts

දෙමටගොඩ රුවන් සහ සහෝදරයාගේ බිරිඳ සතුව තිබූ සුඛෝපභෝගී වාහන 4 ක් CID භාරයට

colombotoday

16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් ලබාදීමට අනුමතකරයි

colombotoday

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday

ගිනි අවි සමග මවුලවීවරයෙක් මාට්ටු

Admin

අනුර කුමාරට ඉඩදී තනතුරෙන් ඉවත්වීමට සූදානම් – අගමැති කියයි

colombotoday

ආර්ථික විශේෂඥයෝ කියන අය රට භාරව හිටියත් යහපාලන කාලයේ රට හොඳටම වැටුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday