Colombo Today Local News

‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එක්වෙයි

මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය වන ‘තම්බපවනී’ විදුලි බලාගාරය අද (08)දින ජාතික විදුලිබල පද්ධතියට එක්විය.

මෙරට විදුලිබල උත්පාදනයේ තවත් ඓතිහාසික සංදිස්ථානයක් සටහන් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය විවෘත කෙරුණි.

පළමු පියවර ලෙසින් මෙගාවොට් 100ක සුළං විදුලි ධාරිතාවයක් එහිදී නිපදවේ.

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 135කි.

වසරකටත් අඩු කාලයකින් වැඩ අවසන් වූ එම සුළං විදුලි බලාගාරය මගින් විදුලි ඒකකයක් රුපියල් 8ක් වැනි සුළු මුදලකට නිපදවිය හැකි බව ව්‍යාපාතියේ පරිසර සහ සමාජ ආරක්ෂණ නිලධාරී වේලු චන්ද්‍රෙස්කරන් මහතා පැවසීය.

Related posts

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin

බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි වැටුප ගැන නිවේදනයක්

Admin

සියලුම වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

Admin

ව්‍යාපාරිකයාට වස්තුවක් උරුමයි කියා බොරු සාමි ලක්ෂ 22 ක් හොරා කාලා

colombotoday

ජනපති-ෆොන්සේකා “අලි හබය“ තව දුර යයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday