Colombo Today Local News

තියුණු ආයුධයකින් කපා බිරිඳ ඝාතනය කර සැමියා ගෙල වැලලා ගනී

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ නිවසක් තුල දී තියුණු ආයුධයකින් කපා තම බිරිඳ ඝාතනය කර සැමියා ගෙල වැලලාගෙන මිය ගොස් තිබියදී අද (03)දින අලුයම සිරුරු සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

තියුණු කැපුම් තුවාල ලබා නිවසේ කාමරයක ඇඳක් මත මිය ගොස් සිටි 38 හැවිරිදි තිදරු මවක් වූ ඉරේෂා ඉවන්ති කුමාරි සහ නිවසේ සාලයේ ගෙල වැලලාගෙන මිය ගොස් තිබු 43 හැවිරිදි ලියන ආරච්චිගේ ශාන්ති සුරංජිත් යන දෙදෙනා ගේ මළ සිරුරු පොලිසිය සොයා ගෙන තිබේ.

මිය ගොස් සිටින දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇති වී ඇති බවත්, ඔවුන් අතර වූ ආරවුලකදී දියණියන් දෙදෙනා සමග එම බිරිඳ ඇගේ මවගේ නිවසට ගොස් සිටි බවත්, සැමියා ඇයව එහි සිට සිය නිවසට රැගෙනවිත් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (03)දින පැවත්වීමට නියමිතය.

Related posts

‘විද්‍යා අපයෝජනය කර ඇත්තේ වීඩියෝ කර විකුණන්නයි‘ – නීතිපති

colombotoday

අගමැති රනිල් රටටම ආදර්ශයක්.. කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන්මයි !

colombotoday

ඇමරිකානු තනාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි

colombotoday

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

වනිඳු පිලිබද තීරනයක්

Admin

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday