මේ වසරේ උතුරු ඉන්දියන් සාගරයේ පස්වන සුළි සුළඟ වන “බුරවි” සුළි කුණාටුව (8.8N 82.3E) ට ආසන්නව පිහිටා ඇති අතර ශ්රී ලංකාවේදී සුළි කුණාටුව පැයට කි.මී. 74ක වේගයකින් ගමන් කර ඇත.
සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කර දෙසැම්බර් 4 වනදා තමිල්නාඩු වෙරළ තීරය වන කන්යාකුමාරි සහ පම්බන් වෙත ළඟා වනු ඇතැයි දැනට අපේක්ෂා කෙරේ.
දෙසැම්බර් 5 වනදා දක්වා තමිල්නාඩුවේ සහ කේරළයේ තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත් බුරේවි මෙම වසරේ අවම විනාශකාරී සුළි කුණාටුව වනු ඇතැයි අපේක්ෂා කෙරේ.