Colombo Today Local News

තිදෙනෙකු ගමන්ගත් යතුරු පැදිය ටිපර් රථයේ ගැටී දෙදෙනෙක් මරුට

පෙළොන්නරුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඳුරුවෙල නගරයේ තරුණයන් තිදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් අද (01) අලුයම 2.45ට පමණ සිදුවු රියඅනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති අතර, තවත් තරුණයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි පොළොන්නරුව පොලීසිය පවසයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පොළොන්නරුව ඕනෑගම හා කාලිංගඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක හා 17ක තරුණයින් දෙදෙනෙකි.

යතුරුපැදිය කඳුරුවෙල සිට පොළොන්නරුව දෙසටත් ටිපර් රථය පොළොන්නරුවේ සිට කඳුරුවෙල දෙසටත් ධාවනය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පොළොන්නරුව පොලීසිය පවත්වයි.

Related posts

ඉන්දියාවෙන් ලාබෙට ගෙනා හාල්, ලංකාවේ නමින් වැඩි මිළට වෙළදපලට !!

colombotoday

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

සිප් සතර විකිණීම “ගුරු සේවයට තරම් නොවේ“

colombotoday

කොළඹ සරසවිය නමින් ග‍්‍රහකයක්

colombotoday

විදෙස් මාධ්‍ය ජනපති මෛත්‍රීට මඩු වලිගයෙන් තලයි

colombotoday

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්…

colombotoday