Colombo Today Local News

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

මිල්ලනිය සහ මොරන්තුඩුව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා දැමූ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන්100 ආසන්න ප්‍රමාණයක් නිරෝධායනට ලක් කළ බව ද ඒ මහතා කීය.

කොස්තාපල්වරුන් දෙදෙනාම පානදුර බුද්ධි කොට්ඨාසයට අනුක්ත ව සේවය කරන අතර මීට දෙදිනකට පෙර සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබූ බව පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා, මීට පෙර ආසාදිත තත්ත්වයට පත්වූ පානදුර කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් සැරයන්වරයකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සමඟ වාහන ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට ගොස් තිබියදී මෙම වෛරසය ආසාදිත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Related posts

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin

පොලිසියටත් වඩා සීඅයිඞීය දුර්වලයි – කොළඹ මහාධිකරණ විනිසුරු කියයි

colombotoday

පොහොට්ටු මන්ත්‍රී තිදෙනෙක් නුවරඑළිය සෙන්පති මැදුරේ ඇල්ලු අඩව්ව සොයා විමර්ශන

Admin

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

ගම්පහ පුංචි මන්ත්‍රීන් 174න් 151ක්ම මහින්දව ඉල්ලයි.

colombotoday