Colombo Today Local News

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් උත්සව පැවැත්වූ පූජකවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පිළිබඳ පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බවය.

“යාපනය ප්‍රදේශයේ ඇති ස්ථානයක LTTE ත්‍රස්තවාදී නායකයාගේ රුව සහිතව යම් සැමරුමක් සංවිධානය කර ඇති බවට යාපනය පොලීසියට තොරතුරක් ලැබුණා. ඒ අනුව එම ස්ථානයේ සිටි පූජකවරයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු 47 හැවිරිදි අයෙක්. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.” යනුවෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පැමිණීමේ දීමනාව දිනකට විසිදහසක් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක්!

colombotoday

COVID-19 කුවේට් දේශයත් සලිත කරයි… වයිරසය ආසාදිතයන් තිදෙනෙක් හමුවෙයි !

colombotoday

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin

ජනාධිපතිවරණය කල්දැමීමේ කූට උත්සාහයට එරෙහි වෙනවා- ඩලස් අලහප්පෙරුම

colombotoday