Colombo Today Local News

හොර මරණ සහතිකයක් සාදා මුස්ලිම් ජාතිකයෙකු භූමිදානය කරලා. නිවැසියන්ට එරෙහිව නීතිමය පියවර.

වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් වෙසෙන නිවසක මියගිය පුද්ගලයෙකු පෙරේදා (25) නිරෝධායන නීතිවලට පටහැනිව භූමිදානය කර තිබෙනවා. අදාළ නිවසේ මින් පෙර කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු සිට ඇති බව ද වාර්තා වෙනවා.

පෙරේදා උදැසනම මියගිය පුද්ගලයාගේ නිවැසියන් විසින් මෘත ශරීරය රහසේම දෙමටගොඩ ප්‍රදේශයේදී ව්‍යාජ ආකාරයට මරණ සහතිකයක් සාදා භූමිදානය කර ඇති බව වාර්තා වෙන බවත් එම ව්‍යාජ සහතිකය යම් මරණ පරීක්ෂක වරයෙකු නිකුත්කර තිබෙනවානම් ඔහුට විරුද්ධව ද කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් කූට ලේඛන සහ නිරෝධායන නීති යටතේ මේ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් යම් ආකාරයක මරණයක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් සෞක්‍ය බලධාරීන් වෙත දැන්වීම අනිවාර්ය කරුණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ.

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

Admin

මව්බිමට එරෙහිව ක්‍රිස්තියානි එවැන්ජලික සන්ධානය ඇමරිකාවට බොරු කේලාම් කියයි.

colombotoday

දූෂණ චූදිත මහෙන්ද්‍රන් නැවතත් මහබැංකු අධිපතිකටම ගන්න රනිල් පිලෙන් මෙහෙයුමක්

colombotoday

විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වැසෙයි

Admin

“ලංකාවේ අධිකරණ පද්ධතිය ගැටළුකාරීයි.. යුධ අපරාධ හොයන්න හයිබ්‍රිඩ් අධිකරණයක් ඕනෑ“ – අල් හුසේන්

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday