Colombo Today Local News

ගෝඨාභය ජනාධිපතිතුමා ගෙන්න වැඩකරපු මැඩිල්ලේ හිමිට විරුද්ධව පැමිණිලි දැම්මේ නෑ. | අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි.

මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් තමන් සිදුකර නොමැති බවත් අඩුම තරමින් CIDයට දුරකථන ඇමතුමක්වත් නොදුන් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

මැඩිල්ලේ හාමුදුරුවන්ගේ ප්‍රකාශයේ කැස්බැවේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ නම කියැවෙන බවත් ඒ පිළිබඳව අමාත්‍යවරයා දුකෙන් සිටි බවත් තමන් සම්බන්ධ නැති දෙයක් පිළිබඳව හාමුදුරුවෝ මගින් මේ මුසාව ප්‍රකාශ කරේ කවුද යන්න හොයන්න චමල් රාජපක්ෂ අමාත්‍යවරයා බාර දී ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“මැඩිල්ලේ පඥ්ඥාලෝක හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ. අපිට විශාල වශයෙන් උදව් කරපු. ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න වැඩකරපු, යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා මම උන්වහන්සේට විරුද්ධව… උන්වහන්සේ මගේ නම කියලා කිවුවේ… මම මොකුත් කියන්න ගියේ නෑ… ” යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියේය.

Related posts

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday

රත්නපුරේ බේකරියක පිපිරීමක්

colombotoday

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

මීළඟ අගමැති රනිල් ද ? ජනපති තීන්දුවට සැරසෙයි.

colombotoday

මිල සූත්‍රය බොරුවක්… හරිනම් ඒ අනුව ත්‍රීමලයෙන් ගොඩබාන තෙල් මිල අඩවිය යුතුයි – හිටපු තෙල් ඇමති කියයි

colombotoday