Colombo Today Local News

ආර්ථික විශේෂඥයෝ කියන අය රට භාරව හිටියත් යහපාලන කාලයේ රට හොඳටම වැටුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

දෙදහස් විස්ස හා විසිඑක යන වසර දෙක වෙනුවෙන් අයවැය වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24 වැනිදා) නෙළුම් මාවත පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,

2020 අවුරුද්දේ අනපේක්ෂිත වියදම් රැසක් කරන්න සිදු වුණා. කොරෝනා වයිරස අර්බුදය නිසාත්, දැවැන්ත වියදමක් දැරීමට සිදු වුණා. ඒ අතරේ පසුගිය රජයේ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 240 ක මුදලක් ණය ගෙවන්නත් සිදු වුණා.

රටේ ආර්ථිකය බිඳ නොවැටී පවත්වාගෙන යෑමට අපට යම් වැඩපිළිවෙළක් තිබෙනවා. අයවැයේ අපි ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් තමයි විපක්ෂය චෝදනා ඉදිරිපත් කරන්නෙ.

කොරෝනා වසංගතය පැතිරීම වළක්වන්න රජය කටයුතු කරනවා. ඒ සඳහා සෞඛ්‍යමය තීන්දු ගන්න රජය කිසි අවස්ථාවක මැළිවෙලා නැහැ. අපි තමයි මුලින්ම නිරෝධායන ප්‍රතිපත්තියක් හඳුන්වා දුන් රට. පසුගිය රජය හම්බන්තොට වරාය වසර අනූනවයකට බදු දුන්නා. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ලැබුණා. නමුත් ඒ මුදල් ණය පියවීම සඳහා යොදවලා නැහැ. ඒ මුදල් වියදම් කළේ මොනවටද කියලාවත් දන්නේ නැහැ.

පසුගිය යහපාලන රජය සමයේ රටේ සෑම අංශයක්ම කඩාවැටිලා තිබුණේ. ආර්ථික විශේෂඥයෝ කියන අය තමයි ඒ කාලේ ආර්ථිකය භාරව හිටියේ. ජනතා ආර්ථික ශක්තිමත් කරමින්, රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් රැකියා ලබා දීම ඇතුළු අභියෝග රැසක් අප ඉදිරියේ තිබෙනවා. රජයක් විදියට අපි ශක්තිමත්ව ඒ අභියෝග ජය ගැනීමට සූදානම්’’ යැයිද පැවසීය.

Related posts

අත්අඩංගුවට ගෙන තිබු ලොරි රථයේ රෝද හොරකම් කළ පොලිස් කොස්තාපල්

colombotoday

සහනාධාර ප්‍රමාණවත් නෑ.. ජනතාව මර දුකේ.. මැති ඇමතීන් ෆේස්බුක් රංගනයේ

colombotoday

කුරුණෑගල නගරාධිපතිගේ එන්නත් ඥාති සංග්‍රහයට අදාළ හඬපටයක් අළෙවි කරලා. | “දෙරණ අරුණ” මාධ්‍යවේදියකුගේ වැඩ තහනම්

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.

colombotoday

මහ කැළයේ මදුරුවන් තලමින් මොරගහකන්දේ වේල්ල සැලසුම් කළ මහා විද්වතා, කුලසිංහයන්..!!

colombotoday

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

colombotoday