Colombo Today Local News

ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්දලු.

ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද බව සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය අද(24)දින පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවසුවාය.

“බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ දැන් 15% ක ‘මෙන්සස් බද්දක්’ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.

මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක් ලෙස ඉතිහාසගත වෙනවා”

“ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා. යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා.

දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා. ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද’ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි.

සෑම පවුලකම කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා. සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ දුප්පත්කම නිසයි. සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා” යැයි ද රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

Related posts

විජිත රෝහණ ඇපමත නිදහස්

colombotoday

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

Admin

ෂරියා බැංකු පවත්වාගන යන මෙරට බැංකුවලට විරෝධයක් – දහස්ගණනින් ගිණුම් ඉවත්කරගැනීමට සැරසේ

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

මානව හිමිකම් ගැන කාදිනල්තුමන්ගේ මතයට එරෙහි වියහැක්කේ මංගල වැනි බටහිර ගැති කලු සුද්දෙකුට පමණයි…

colombotoday