Colombo Today Local News

මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බලනවා | අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ,ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිලිබද දැඩිව අධීක්ෂණය කළ යුතු බවත්, පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල ඉගැන්වීමට එවැන්නන් යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාළ පුද්ගලයන්ගේ තොරතුරු සහ පසුබිම සොයා බැලීමට ක්‍රියා කළ යුතු බවත් සඳහන් කළේය. මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට අවසර ලබාදෙන පුද්ගලයන් සම්බන්ධව මෙන්ම, උගන්වනු ලබන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය, ඇතුළු සියලු කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මද්‍රාසා පාසල් අධික්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යුතුකමක් පැවරී ඇති බවත් එම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දෙස් විදෙස් ආයෝජන නැතිව කොටස් වෙළදපොල ඇද වැටෙයි… මාස 18කට පසු අවම අගය ඊයේ…

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

Admin

පොදුජන සෝ සුසුම් මැද සෝභිත නාහිමි දැයෙන් නික්ම යයි!

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

colombotoday

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

colombotoday