Colombo Today Local Newsfeatured

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි

පර්යේෂණයක් සිදුකර නිශ්චිතව තහවුරු කරගන්නා තෙක් කොරෝනා මරණ භූමිදානය සිදුකිරීම කිසිසේත්ම නොකළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පවසනවා.

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු තලෙයි මන්නාරම හෝ ලංකාවේ කිසිම ස්ථානයක භූමිදානය සඳහා සුදුසු නොවන බව මහාචාර්ය ජිනදාස කටුපොත පැවසීය.

රටේ වියලි කලාපය මේ සඳහා සුදුසු බවට යම් පුද්ගලයින් අදහස් දැක්වුවද වියලි කලාපය යන්න නිර්වචනය කිරීමට ඔවුන්ට හැකියාවක් පවතින්නේදැයි මහාචාර්යවරයා ප්‍රශ්න කර සිටියා.

දැනට විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ අධික උෂ්ණත්වයකදී කොරෝනා වෛරසය විනාශවන බවත් අනෙකුත් කාරනා පිළිබඳව තවමත් පර්යේෂණ කර සොයාගෙන නොමැති බැවින් එකම විසඳුම වන්නේ වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම පමණක්ම බවත් ඒ මහතා පැවසීය.

විද්වතුන්ගේ මතයට පයින් ගහලා තීන්දු නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ඒ මහතා ජාතිවාදයකින් තොරව මෙය බේරුමක් කර ගත යුතු බවත් බේරුමක් කරගැනීමට යැයි පවසමින් වෛරසය වළදැමීමට ඉඩ දිය නොහැකි බවත් අවධාරණය කර සිටියා.

ඒ මහතා දැක්වූ අදහස්….

Related posts

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

colombotoday

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

කොටි ‘මහවිරු‘ සැමරුම දා උතුරේ ශෝක දිනයක් ! වව්නියා කදවුරේ සංගීතයත් නවතී..

colombotoday

“උතුර, නැගෙනහිර බෞද්ධයන්ට අයිති නෑ.. බුදු පිළිම හැදීම නවතනු” – NGO කේලම් අසා ඇමරිකාව ගොරවයි

colombotoday

අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්

Admin

මාලිගාවත්ත සලාම් ජුම්මා පලිලියෙන් මතුවූ අවි ආයුධ මෙන්න

colombotoday