Colombo Today Local News

කොළඹ තවත් පොලිස් බලප්‍රදේශ 05ක් හුදෙකලා කරයි

සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 17ක් වේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ හුදෙකලා කිරිම දිගටම පවතී.

ඒ හැර දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවනු ලබන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රදේශ හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

“හෙට කොළඹදී බෝම්බයක් පිපුරුවොත්, ඒකත් මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්” – අක්මීමන දයාරතන හිමි

colombotoday

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් එකවර දීලා – මවක් හදිසි ප්‍රතිකාර ඒකකයට

colombotoday

මිලියන 600ක ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත් වෙයි

colombotoday

පටි තදකර ගන්න වෙයි.. බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කරයි!

colombotoday

විපක්ෂයේ විරෝධය නිසා 19න් කරගන්න බැරිවුණ දේ ජවිපෙ 20 න් කරගත හැකියි – ජයම්පතී වික්‍රමරත්න

colombotoday

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

colombotoday