Covid 19

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන 270 ඉක්මවයි

කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ රැඳවියන් 278 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවය.

ඒ අතරින් 107 දෙනෙකු කාන්තා රැඳවියන් බව ද ඔහු සඳහන් කළේය.

ඊයේ(13) දිනයේ පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 68 දෙනෙකු, කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 13 දෙනෙකු සහ මහර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

එමෙන්ම මේ වනවිට බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

ඊයේ (13) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර පොලිස් නිලධාරින් 17 දෙනෙකු ද වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday

ඊයේ කොවිඩ් මරණ 8ක්

colombotoday

ඉන්දියාවෙන් තවත් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාවක්

colombotoday

නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට

colombotoday

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday