Colombo Today Local News

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12)දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි.

විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

2021 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 17 වන දින අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය විවාදය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වේ.

Related posts

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි, හොරු ගන්නෙ නෑ – සජිත්ගෙන් රනිල්ට කනේ පහරක් !

colombotoday

ඌවතැන්නේ සුමන හිමි CID අත්අඩංගුවට

Admin

සා.පෙළ අසමත් වූ ලක්ෂයක් රාජ්‍ය සේවයට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කරන්න ICCයෙන් තීරණයක්

Admin