Colombo Today Local News

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩාවැටීමෙන් අට හැවිරිදි පිරිමි දරුවකු එයට යටවී අද(12)දින දහවල් මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.

දිවා ආහාරය ලබාගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර බිත්තියට යටවීමෙන් බරපතල තුවාල ලබා සිටි දරුවා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් හි පදිංචි නිරෝයන් රුසාන්තන් නැමති කිලිනොච්චිය මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි.

දින ගණනක් ඇතිවූ වර්ෂාව හේතුවෙන් තොණ්ඩමන් නගර් ප්‍රදේශයේ ජලය බැසනොගොස් තිබූ අතර එම හේතුවෙන් නිවසෙහි බිත්තිය පුපුරා කඩා වැටී ඇති බවද පොලිසිය පැවසීය.

අනතුරත් සමඟ ප්‍රදේශවාසීන් විශාල පරිශ්‍රමයක් දරා දරුවා පිටතට ගෙන රෝහල් ගතකිරීමට පියවරගෙන තිබූ බවත් එ වන විට දරුවා මියගොස් සිටි බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වසර ගණනාවක් සිට වර්ෂාවක දී තම ගම්මානයේ ජලය නොබසින බවත් කරච්චි ප්‍රදේශිය සභාවට දැනුම් දී පිළියම් ඉල්ලා සිටියද විසඳුම් නොලැබීම හේතුවෙන් තමන්ට මෙම අවාසනාවන්ත සිදුවීම අත්විදීමට සිදුවූ බව ප්‍රදේශවාසීහු පැවසීය.

මියගිය දරුවාගේ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය මහ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.

කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

ඊබ්‍රහිම්ගේ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ බිලියන ගණනක් සහරාන්ගේ ත්‍රස්ත කල්ලියට දීලා

colombotoday

පිලිපීනයේ භූමිකම්පාවක්

Admin

නිවෙස් වලට පනින කුඩ්ඩා මාංචු පිටින් මුහුදට පැන පීනා යයි

Admin

මොහොමඩ් සාෆි නැවත සේවයේ පිහිටුවීමට (එජාප+ජවිපෙ+TNA පත්කල) රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණයට ජනපතිගේ විරෝධය !

colombotoday

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin