Colombo Today Local News

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශය වහාම නවත්වන ලෙස හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටිති.

පෞද්ගලික ආයතනයක් මෙම ජලාශය ඉදි කරමින් සිටින බව මන්ත්‍රීවරු පැවසූහ.

නායයාමේ අධි අවදානම් කලාපයක් ලෙස හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු වැටිය හඳුන්වාදී ඇති බැවින්ම එම කඳු වැටිය මුදුනේ ජලාශයක් ඉදිකිරීම ඉතා අනතුරුදායක බවත් අක්කර කාලක පමණ ගල් පර්වතයක් සමග කඳුවැටියට පහළින් පිහිටි හල්දුම්මුල්ල නගරය මතට රූරා ඒමට බොහෝ ඉඩ ඇති බවත් එසේ වුවහොත් ඇති විය හැකි තත්ත්වය අමුතුවෙන් කීම අවශ්‍ය නොවන බවත් එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක සල්ගාදු මහතා පැවසීය.

මේ පිළිබඳව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපතිඋපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතාගෙන් අද (11)දින විමසූ විට මෙසේ කීවේය.

”පෞද්ගලික ආයතනයක් එම ජලාශය ඉදිකිරීම් සිදු කරනවා. සභාව මගින් මේ වන විටත් එය තහනම් කර තිබෙනවා. මේ වෙන විට යම්කිසි ප්‍රමාණයක් නිසි අවසරයකින් තොරව ඉදිකර තිබෙනවා. ජලය පුරවා නැති නිසා දැනට අවදානමක් නැහැ. අදාළ වගකිවයුතු අංශ සමඟ එක්ව ඉදිරියේදී ඉක්මන් පියවර ගන්නවා” යැයි ද සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

යුද්ධය ගැන චන්ද්‍රිකාගේ පහත් කතාවලට ගෝඨාභයගෙන් උසස් පිළිතුරක්

colombotoday

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

colombotoday

පක්ෂයට ද්‍රෝහිවූවා කියා ප්‍රසන්න, බන්ධුල, දිලුම් ශ්‍රීලනිපයෙන් නෙරපන්න සූදානම්!

colombotoday

උතුරේ කඩ වැසෙයි.. දෙමළ දේශපාලන පක්ෂ සහයෝගයෙන් හර්තාල් ඇරඹෙයි

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

විදේශ ඇමති මංගල ජාතිමය පාවා දුන්නා.. ඔහු රාජද්‍රෝහියෙක්

colombotoday