Colombo Today Local News

රාජ්‍ය සේවයට කැඳවිය යුත්තේ, අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණයි

දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය හෙට ඉවත් කරනු ලැබුව ද සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා රාජ්‍ය ආයතනයන්හි සේවයට කැඳවිය යුත්තේ, රාජකාරි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පැවසුවේ, මෙහිදී ඒ, ඒ ආයතන ප්‍රධානින් විසින් කැඳවන අවම කාර්ය මණ්ඩලය සම්බන්ධව තීරණය කළ යුතු බවයි.

සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කළ යුතු බව ද ලේකම්වරයා පැවසුවේ ය.

Related posts

මාලිමාවට කඩේ ගියාට දැන් ඇමති ෆෝන් එකවත් උස්සන්නේ නෑ

Admin

පාර්ලිමේන්තුව විසුරුවන ජනපති තීදුවට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට වාහන හිඟතාවයක්

Admin

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday