World

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

ඇමරිකාවේ ධවල මන්දිර ප‍්‍රධානී මාර්ක් මෙඩෝස් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට වෛරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳ පැහැදිලිව අනාවරණය වී නොමැති නමුත් මුහුණු ආවරණයක් නොමැතිව ප‍්‍රසිද්ධ අවස්ථාවල ඔහු පෙනී සිටි බව වාර්තා වේ.

මේ අනුව ජනාධිපති ඩොනල්ට් ට‍්‍රම්ප් මහතාගේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ වී ක‍්‍රියාකළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ ආසන්නම අවස්ථාව මෙයයි.

පසුගිය මාසයේ උතුරු කැරොලිනාවේ ග‍්‍රීන්විල්හි පැවති ට‍්‍රම්ප් මහතාගේ ජනාධිපතිවරණ රැලියකටද මෙඩෝස් මහතා සහභාගී වී තිබුණි.

ට‍්‍රම්ප් මහතාගේ ආධාරකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් ධවල මන්දිරයේ පැවති මැතිවරණ දින රාත‍්‍රියේ සාදයකටද ඔහු සහභාගී වී තිබේ.

මේ අතර ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 230,000 කට අධිකය.

අඛණ්ඩව තුන්වැනි දිනටත් ඊයේ එරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ආසාදිතයින් 127,000 අධික සංඛ්‍යාවක් ඊයේ එරටින් වාර්තා විය.

කොරෝනා වෛරසයේ පැතිරීම එරට ජනාධිපතිවරණයේ ප‍්‍රධාන මාතෘකාවක් බවටද පත්වුණි.

Related posts

සෞදියට එරෙහිව ලියූ කෑලි කර මරා දැමූ මාධ්‍යවේදී කෂෝගි ගේ ඝාතකයන්ට සමාව දෙන්න එපා. – පෙම්වතිය ඉල්ලයි

colombotoday

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

Admin

ISIS (ඉස්ලාම් රාජ්‍ය) විනාශ කරන්න ලෝකයම එකතුවන්න UN ආරක්‍ෂක මණ්ඩලයේදී ඒකච්ඡන්දයෙන් සම්මතයි

colombotoday

ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට

colombotoday

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් සැරසේ..

colombotoday

ඉතාලියත් සංක්‍රමණිකයන්ට දොර වහයි.. තොටුපොළවල් වසා දමයි.. බෝට්ටු සේවා අවහිර කරයි !

colombotoday