Colombo Today Local News

පාකිස්තානු ජාතික සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක් මත , අද(04)දින අලුයම පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරියා පැවසීය.

මොවුන් ශ්‍රී ලංකාවේ මහාධිකරණ මගින් වැරදි කරුවන් වී විවිධ බන්ධනාගාර වල වසර 10 ක් 15 ක් තරම් කාලයක් සිර දඩුවම් විදිමින් සිටි පාකිස්තානු ජාතිකයන් පිරිසක් බවත් , මොවුන් මෙලෙස පාකිස්තානය වෙත රැගෙන යෑමෙන් පසුව ද එරට බන්ධනාගාර තුළට යළිත් මොවුන් ඇතුළු කිරීමට නියමිත බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

පාකිස්තානු රජය විසින් මොවුන් රැගෙන යෑම සදහා එරට ආරක්ෂක නිලධාරීන් එක් සිරකරුවෙකුට දෙදෙනා බැගින් , ආරක්ෂක නිලධාරීන් 86 දෙනෙකු සමග පාකිස්තානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ(03) දින රාත්‍රී 10.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බස් රථ කීපයක් මගින් මෙම පකිස්තානු ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූ අතර , ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ද සමග මෙම පිරිස පිටුවහල් කිරීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි.

එහිදී මෙම සිරකරුවන්ට අදාළ නඩු ලිපි ගොනු ද රැගෙනවිත් පාකිස්තානු ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙම පාකිස්තානු සිරකරුවන් පිරිස රැගත් පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවයේ පී.කේ.- 9873 දරන විශේෂ ගුවන් යානය අද(04)දින අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන්, පකිස්තානයේ ඉස්ලාමාබාද් ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.

Related posts

සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් අල්ලයි

Admin

යුද හමුදා ඇදුමට සමාන තවත් ඇදුම් තොගයක් ග්‍රෑන්පාස් වෙළදසැලක සගවා තිබියදී සොයාගනී…

colombotoday

අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා

colombotoday

ඔබත් දුම්බෝන්නෙක් ද? එසේනම්, කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට වැඩි ඉඩක්..

colombotoday

හරීන් අගරදගුරුතුමා සම්බන්ධව කළ විවේචනාත්මක ප්‍රකාශය සමගි ජනබලවේගය කළඹයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25ක් !

colombotoday