තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
නිරෝධායන මධ්‍යස්ථාන තුළින් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර අනෙක් 269දෙනා හඳුනාගෙන ඇත්තේ මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් අතරින්ය.
ඒ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුර 8,000 ඉක්මවා තිබේ.
මේ වන විට එහි මුළු ආසාදිතයින් ගණන 8,129කි.