Covid 19

කළු­තර දිසා­වෙන් ආසා­දි­ත­යෝ 277ක් | බේරු­ව­ලින් 66ක්. බණ්ඩා­ර­ග­මින් 40ක්.

කළු­තර දිස්ත්‍රි­ක්කයේ මුළු කොරෝනා ආසා­දි­ත­යන් ගණන 277ක් ලෙස දැනට වාර්තා වී ඇති අතර ඔවුන් ප්‍රති­කාර සඳහා රෝහල්ගත කර ඇත.

එම පිරිස වළ­ල්ලා­විට 16ක්. මතු­ගම 50 ක්, බණ්ඩා­ර­ගම 40, අග­ල­වත්ත 16ක්, වාද්දුව 23, පාන­දුර 19, හොරණ 21, පාලින්ද නුවර 8, මිල්ල­නිය 7, මදු­රා­වල 5 හා දොඩ­ම්ගොඩ 1 හා කළු­තර බේරු­වල 66 ලෙස හමු වී ඇති බව කළු­තර දිස්ත්‍රික් පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක සමන් ගීග­නගේ මහතා පැවැ­සීය.

අග­ල­වත්ත කොට්ඨා­සයේ පවුල් අසූ­වක පුද්ග­ල­යන් 300 කට ආසන්න පිරි­සක් මේ වන­විට ස්වයං නිරෝ­ධා­න­යට ලක් කර ඇත.

තවද අග­ල­වත්ත කොට්ඨා­ශයේ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිළ­ධා­රි­යකු හා කොළඹ නැව් තටා­කාං­ග­නයේ සේව­ක­යෙකු ද කොරෝනා ආසා­ද­නය වී ප්‍රති­කාර සඳහා යොමු කර තිබේ.

බණ්ඩා­ර­ගම සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී බල ප්‍රදේ­ශ­යෙන් වාර්තා වූ ආසා­දිත සිසු­වි­යක් මෙවර උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින අතර ඇය අයි ඩී එච් රෝහලේ විශේෂ විභාග මධ්‍ය­ස්ථා­නය කරා යොමු කිරී­මට පිය­වර ගත් බව බණ්ඩා­ර­ගම සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ලයේ ප්‍රකා­ශ­ක­යෙක් පැවැ­සීය.

Related posts

තවත් ආසාදිතයින් 1,560ක්

colombotoday

විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ස්වයං නිරෝධායනයට

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය යයි. තවත් 8ක් රෝහල්වල.

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙන්න

colombotoday