Colombo Today Local News

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. | අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වගේ කතා. ගැලරිය පිනවන්න කියන කතා.” ජනාධිපති ගෝඨාභය කියයි

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වගේ කතා. ගැලරිය පිනවන්න කියන කතා.” ජනාධිපති ගෝඨාභය කියයි

එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව අද (11) ‘‘අරුණ’’ පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවට පැමිණියේ එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීමට යැයි විවිධ පාර්ශ්ව කරන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද එතුමා පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා. හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’

යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද ඔහු පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘‘ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘සති අග අරුණ’ට පැවසීය.

Related posts

ඇමරිකානු තානාපති අභ්‍යන්තර කටයුතුවලට නැවතත් අත දමයි … සම්බන්ධන් සමග රහස් කතා

colombotoday

2020 දී විධායක අගමැති මෛත්‍රී?

colombotoday

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin

හොරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු නාකොටික් අත්අඩංගුවට

colombotoday

රණවිරු දරු දැරියන් 17000 කට අතහිත දුන් රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහන

colombotoday

උතුරේ නැවතත් ජාතිවාදී ක්‍රියා හිස ඔසවනවා.. හමුදා ශක්තිය තර කරන්න – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

colombotoday