Covid 19

වත්තල කර්මාන්තශාලාවක කොවිඩ් ආසාදිතයින් 49ක් හදුනා ගනී.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙක් වාර්තා වී ඇතැයි වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළේය.

මේ අතර, වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පසුගිය දෙදින තුළ සිදුකළ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පිරිමි පුද්ගලයින් 75 දෙනෙකු රෝහල් ගත කිරීම ඊයේ (30)දින රාත්‍රියේ සහ අද (31)දින අලුයම සිදුකෙරුණි.

එම ප්‍රදේශයේ ආසාදිත බවට තහවුරු වූ කාන්තාවන් අද දිනයේ දී ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වන වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, වරුණ අබේසේකර මහතා,

“වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ දින 2ක් තුළ වාර්තා වු කොවිඩ් 75 දෙනෙක් පිටත් කර යැවීම මේ සිදුවන්නේ. පිරිමි පාර්ශවය පමණයි. කාන්තාවන් හෙට දිනයේ දී රෝහල් ගත කිරීමට කටයුතු සුදානම් කර තියෙනවා. වත්තල තවත් පුද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වුණා. එහි සමස්ථ සේවක සංඛ්‍යාව 1000 ඉක්මවනවා. එහිදී අපි පීසීආර් පරීක්ෂණ කළ සංඛ්‍යාවෙන් මේ වන විට 49 දෙනෙක් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් සොයා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා. අපිට 120ක පමණ ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි 49ක වගේ ප්‍රමාණයක් ආසාදිත බව හඳුනාගෙන තියෙන්නේ මේ වනවිට.“

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

තවත් ආසාදිතයින් 211ක් හඳුනා ගනී

colombotoday

මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි.

colombotoday

ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday