Colombo Today Local NewsCovid 19

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

(මෙය මෙම සිද්ධිය සිදුවූ ස්ථානයේ ඡායාරුපයක් නොවන බව කරුණාවෙන් සලකන්න)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල්කර තිබූ කාලය තුලදී බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක 3000ක පිරිසක් වෙනුවෙන් සකස්කළ දානමය කටයුත්තක් බේරුවල පොලීසිය හා සෞඛ්‍ය අංශ එක්ව අද (29)දින නවතා දමා තිබේ.

මෙම දේවස්ථානයේ එළුවන් හා කුකුළන් විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය හා පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් ඝාතනය කර එම දානය සකස් කරමින් සිට ඇති අතර සෞඛ්‍ය අංශ හා පොලීසියේ අවසරයක් නොමැතිව සිදු කිරීමට ගිය එම දානය නවතා දැමීමට කටයුතු කර තිබිණි.

එම දානය සංවිධානය කළ පිරිස වරදට සමාව ලබාගැනීම හේතුවෙන් දෙපාර්ශවයේ එකගතාවය මත අධිකරණ කටයුතුවලට යොමුනොකර එම පිරිස විසුරුවා යැවූ බව කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු මහතා මෙහිදී පැවසීය.

එම දානය සකස් කිරීමට පැමිණ සිටි අරක්කැමියන් 30දෙනාට දැඩි ලෙස අවවාද කර මුදාහැර ඇත.

මෙම දානමය කටයුත්ත සම්බන්ධයෙන් දේවස්ථාන පාලක අංශය ද සමාව අයැද සිටි බව ද පොලිසිය කියයි.

Lankadeepa

Related posts

ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට චියර් කිරිමෙන් භයානක ප‍්‍රතිඵල ලද හැකියි.. – විමල්

colombotoday

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

colombotoday

රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී

colombotoday

ළිඳට බැහැල ගැඹුර දැනගත්තා – දැන් රටටම නොමිළේ WiFi දෙනවා

colombotoday

විදුලිබල, ඛනිජතෙල් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අද දිවයිනට

colombotoday