Colombo Today Local News

ආසාදිතයෙකු වාර්තා වූ පමණින් වෙළඳසැල් හෝ ආයතන දීර්ඝ කාලයක් වසා දැමීමේ අවශ්‍යතාවයක් නැ.

කොරෝනා අසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතුවූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ එවැනි ස්ථාන විෂබීජහරණය කිරීමෙන් පසු දින කිහිපයකින් යළි විවෘත කිරීමට හැකි බවයි. කොරෝනා ආසාදිතයෙකු හෝ ආශි‍්‍රතයෙකු වාර්තා වන පොලිස් ස්ථාන ඉන්පසුව අනුගමනය කරන පිලිවෙත ඊට කදිම නිදසුනක් බව ද යුද්ධ හමුදාපතිවරයා කියා සිටියා.

කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතුවූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීම හේතුවෙන් සේවා සපයා ගන්නා ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්වූ අවස්ථා ඉකුත් දින කිහිපයේම වාර්තා වුණා.

එමෙන්ම එය රටේ ආර්ථිකයට බලපෑමක් බවයි විශ්ලේෂකයින් ද පෙන්වා දුන්නේ.

Related posts

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

colombotoday

දිස්ත්‍රික්කය අනුව ගෑස් මිල ගණන් මෙන්න

colombotoday

නෙළුම් කුලුන වෙනුවෙන් නව සමාගමක්

colombotoday

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday