Colombo Today Local News

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (20) දිනයේ දී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 2678ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මෙම වියදම් ඇස්තමේන්තු හා ණය ගැනීමේ සීමා මෙන්ම ඒ සඳහා රජය ආදායම් ලබාගන්නා ආකාරය සවිස්තරව ඉදිරිපත් කරන අයවැය යෝජනා ලබන නොවැම්බර් 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මෙවර අයවැය මඟින් දේශීය අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday

තවත් ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්

colombotoday

ධීවර වරායේ මගඩියෙන් රජයට කෝටි 48ක් පාඩුයි.. “හොරු අල්ලන රාජිතගේ” තවත් වැඩක් එළියට !

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වර්ජනයක

colombotoday

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday