Colombo Today Local News

කොටුව පොලිසියේ නිලධාරියෙක්ට කොරෝනා – කටුනායක කම්හල් දෙකක තවත් 60කට වෛරසය ආසාදනය වෙයි

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මෙම නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමත් සමග කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් නිරෝධයනයට යොමු කොට ඇත.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 60 දෙනෙකු අද වාර්තා වුණා. මෙම ආසාදිතයින් පිරිස කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලා දෙකක සේවය කරනු ලබන පිරිස් වේ.

ඒ අනුව කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලාවන් ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 259ක් දක්වා ඉහළ ගොස් ඇත.

කටුනායක NEXT ඇගළුම් කම්හලේ සේවකයින් 209ක් සහ Chiefway කම්හලේ සේවකයින් 50 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

Related posts

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

colombotoday

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

colombotoday

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්…

colombotoday

සිරකරුවන් 101ට හෙට නිවාස නිවාඩු

colombotoday

සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

colombotoday

TNA ගොරණාඩුවට ජනපති සැලෙයි.. වව්නියාව රණවිරු ගම්මානය මගහැර යාපනේට ගුවනින් බහී

colombotoday