Colombo Today Local News

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් ඇයගේ ඥාතීන් පිරිසක් ඊයේ (16)දින හික්කඩුව පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් මත කාරපිටිය රෝහලට ඇතුළත්කර සිටියදී ඇය මියගොස් තිබේ.

හික්කඩුව කලුපේ ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් පසුගිය 13 වැනිදින හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළවය.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුරදී අදාළ සැකකාරියට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කාරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම කාන්තාව ඊයේ පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා විය.

සිද්ධිය සැළවීමත් සමඟ මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් විසින් හික්කඩුව පොලිස් ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූයේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇය මිය ගිය බවට චෝදනා කරමිනි.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

නාගදීපයට උතුරෙන් තහංචියක් ! නයිනතිව් ලෙස නම් කරන්නැයි උතුරු පළාත් සභාව ජනපතිට කියයි

colombotoday

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයා ලක්වාසීන්ගේ මූලික අයිතිවාසිකම් කැඩුවා: ජනපති වගඋත්තරකරු කර පෙත්සමක්

colombotoday

නව ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි

colombotoday