Colombo Today Local News

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

ලොකු ලූනු කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට මිල දී ගැනීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ලොකු ලූනු මිල දී ගැනීමට පියවර ගන්නා බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ දිනවල ලූනු අස්වැන්න තොග වැඩි වශයෙන් ගබඩා කරගෙන ‍වෙළෙඳපොළට නිකුත් කිරීමට ගොවීහු බලාපොරොත්තුවෙන් සිටියහ. පිටරටින් ගෙන්වන ලූනු සඳහා අය කළ ආනයනික විශේෂ බද්ද ඉවත් කිරීම නිසා දේශීය ගොවියාට සිදුවූ එම පීඩාවන් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සමනය කිරීමේ අරමුණින් රජය ටින් මාළු, ලොකු ලූනු, පරිප්පු සඳහා අය කළ විශේෂ බද්ද ඉවත් කිරීමට තීරණය කරන ලදි. එම තීරණයත් සමඟ ලොකු ලූනු ගොවිතැනෙහි නියැළී සිටි ගොවි ජනතාවට සිදුවූ අපහසුතාවය වළකාලීමේ අරමුණින් රජය මේ අන්දමින් සහතික මිලක් යටතේ එම අස්වනු මිලදී ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

Related posts

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනපතිගේ උපදෙස් මත යළි අහෝසියි

colombotoday

කොවිඩ් නිසා අධිකරණ කටයුතු සිදුකෙරෙන ආකාරය මෙන්න. | වරෙන්තු නිකුත් කිරීමත් නවතී.

colombotoday

ඥානසාර හිමි යලි බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු. – Video

colombotoday

රන්ජන් යලි අමාරුවක

Admin

රිෂාඩ් බදියුදින් පිළිබඳව පාස්කු කොමිසමට දුන් සාක්ෂියක් අසත්‍ය බව පවසමින් නීතිඥ රුෂ්ඩි හබීබ්ගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday