Colombo Today Local News

පාකිස්තාන මහ කොමසාරිස් හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්

පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛහට්ටක් මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව ඊයේ(14)දින හමුවිය.

වෙළඳ හා ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම, සංචාරක, සංස්කෘතික හා අධ්‍යාපන කටයුතු ඇතුළු විවිධ කරුණු පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක් එහිදී පැවැත්විණි.

පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා සදහන් කර සිටියේ සියලු සංවර්ධන, වෙළඳ, අධ්‍යාපන, පුහුණු සහ සංචාරක යන අංශ සඳහා ශ්‍රී ලංකාවට ප්‍රබල සහයෝගයක් ලබා දෙන බවය.

පාකිස්තානය, ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉතා සමීප බවත්, අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගවේෂණය කිරීමෙන් සහ දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමෙන් පවත්නා මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි බවත් එහිදී අවධාරණය කළේය.

Related posts

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ශිවාජිලිංගම්ට !

colombotoday

දෙවුන්දර මුහුදේ දී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සමඟ 6ක් අල්ලයි

Admin

හිටපු පා.මන්ත්‍රී ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මිය යයි

colombotoday

දෙමාපිය අවධානෙන් ගිලිහුණු මස්කෙළියේ සිඟිත්තෙක් ගොම පිරවූ වළකට ඇද වැටී මිය යයි

colombotoday

අල්ලස් ගත් ඉඩම් නිලධාරියයෙක් අත්අඩංගුවට

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday