Colombo Today Local News

EPF – ETF ගැන වැඩ සම්මුතියෙන්

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තවදුරටත් වෙන් වෙන්ව පවත්වාගෙන යන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ පැවසුවේ.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමිති සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව එම තීරණයට එළඹුණු බවයි.

මෙම අරමුදල් ඒකාබද්ධ කිරීමට යෝජනා කරන ලද්දේ වැඩි ආරක්ෂාවට බවත්, එසේ වුවද ඒ පිළිබඳ තාමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සොරකම් කළා.

මෙයට එරෙහි වූ සේවකයන්ට වෙඩි තබා මර්දනය කිරීමට කටයුතු කළ අතර එහි දී රොෂේන් චානක ඝාතනය කළා.

ඒ අනුව දැන් තිබෙන්නේ ලේ තැවරුණු අරමුදල්.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

‘‘අපි සියලු දේ කරන්නේ සාකච්ඡාවෙන්, සම්මුතියෙන්. එකඟත්වයෙන්. අපේ යහපාලන ආණ්ඩුවේ වෙනස එයයි.

සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළා. එහි දී ඔවුන් කිව්වා එම අරමුදල් දෙක වෙන වෙනම පවත්වාගෙන යාම සුදුසු බව හා සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකාරිත්වය තවදුරටත් මහ බැංකුව යටතේ පාලනය පවත්වාගෙන යා යුතු බව.

මේ පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ වෘත්තීය සමිති නායකයන්ට ද ඉදිරිපත් කර   ඉන් පසු කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය  අනුවයි.

Related posts

මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑ

colombotoday

ඉන්ධන මිල පහල දාන්න බැරි කංචනලා ගහපු ගිවිසුමක් නිසා

Admin

මුතුරාජවෙල ඉඩම් කොටසක් විදුලිබල මණ්ඩලයට පවරයි

colombotoday

රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්

colombotoday

එජාප ජාතික ලැයිස්තු අසුන රනිල්ට – කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

colombotoday