Colombo Today Local News

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

ඒ 2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ නඩුවට ඔහු අද අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙනි.

මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් වන පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය නම් කර ඇති අතර ඔවුන් අද මහාධිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් මස 12 දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

රිය අනතුර සිදුකළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් එවකට වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලට, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරුට සහ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

Related posts

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

colombotoday

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්,ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් එවයි

colombotoday

කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි

colombotoday

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

විස දුමාරයක් අග්‍රාණය වී 10දෙනෙක් රෝහලේ…

Admin

තේ දලු මිල 100% කින් ඉහළට

colombotoday