Colombo Today Local News

පොල් වලට උපරිම මිලක්

වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 ක්.

වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාති‍්‍රයේ ප‍්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මෙම නියමයන් අද සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

ඒ අනුව කිසිඳු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පොල් අලෙවි කිරීම සිදු නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනවා.

ඉකුත් සමයේ මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගියා. පොල් අස්වැන්න අඩුවීම සහ පොල් ආශි‍්‍රත වෙනත් කර්මාන්ත වෙනුවෙන් අපනයන වෙළඳපළක් ඇතිවීම ඊට ප‍්‍රධාන හේතුව වුණා. මෙලෙස පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ඉතිහාසයේ දෙවන වරටයි.

Related posts

මහරගම මුස්ලිම් කඩයට පහර දී ඇත්තේ හෙළ උරුමයේ හිටපු මන්ත්‍රීවරයෙක් !

colombotoday

පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කරන්න දින හතක් කල් දෙයි

Admin

ත්‍රීකුණාමලයයේ ඩෙංගු නවත්වන්න අගමැති ලක්ෂ 50 ක් වෙන් කරයි

colombotoday

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin

බොදු බලේ උසාවියට අපහාස කළාද? නැද්ද? හෝමාගම මහෙස්ත්‍රාස් අභියාචනාධිකරණයෙන් අසයි

colombotoday

මානුෂීය මෙහෙයුම සමයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටින් පිටවීම තහනම් කරයි !

colombotoday