Colombo Today Local News

අටලුගම දී පොලීසියට පහරදීම – සොයමින් සිටි ප්‍රධාන සැකකරු අල්ලයි

බණ්ඩාරගම, අටලුගම දී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ෂාරිෆ් රිෆායි නොහොත් “ගොටුකොළ රිෆායි” නැමැත්තා ය.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

පසුගිය 9 වැනිදා අටලුගම, මරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට කාන්තාවන් ඇතුළු පිරිසක් පහර දී තිබුණි.

පසුව කාන්තාවන් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව සැප්තැම්බර් 24 වැනිදා තෙක් බන්ධනාගාර ගත කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තවත් සිව්දෙනෙක් ඊයේ (17)දින ද අත්අඩංගුවට ගත්තේය.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් බලංගොඩ කල්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

Related posts

බදුරලියේත් වෙඩි තැබීමක්

Admin

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

සිංහලෙන් ලෝකය අමතන මෛත්‍රී ගැන මට ආඩම්බරයි – හිටපු ජනපති

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

colombotoday

“ලංකාවේ බල පෙරළිය සුමට ලෙස සිදුව තිබෙනවා. වෙනස විශිෂ්ඨයි” – මූන්ගෙන් නොසෑහෙන්න පැසසුම්

colombotoday