Colombo Today Local News

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකයා සහ තවත් පොලිස් නිලධාරීයෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (17)දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් තිදෙනා ඔක්තොම්බර් 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කිහිපදෙනෙකු යොදාගනිමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබාගත් බවට සාක්ෂි නිර්මාණය කළ බවට ශානි අබේසේකර මහතාට චෝදනා එල්ල විය.

ඊට අදාළව ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා ද අත්අඩංගුවට ගැණුනි.

Related posts

විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගෙන ඒම ලබන සත‍ියේ සිට

colombotoday

රණවිරු සේවා අධිකාරියේ සභාපතිගේ පුද්ගලික අනුග්‍රහයෙන් කල්මුණේ රණව්රු දරුවකුට ලැප්ටොප් යන්ත්‍රයක්

colombotoday

ඖෂධ ගේන්න රට යන්න ඇමති කෙහෙළියට අධිකරණයෙන් අවසර

Admin

කොලොම්බියාවේ සිට කටුනායකට ගුවන් මගින්ම කු-ඩු ගෙන්වයි

Admin

ඔක්තෝබර් 30 ETCA අත්සන් කිරීමට සියල්ල සූදානම් !

colombotoday

රුපියල රැකගන්න මහබැංකුව ඩොලර් මිලියන 60ක් විසි කරයි…

colombotoday