Colombo Today Local News

ව්‍යාජ වීසා හැදූ බත්තරමුල්ලේ කත අත්අඩංගුවට

ව්‍යාජ වීසා මඟින් විදෙස් ගතවීමට තැත් කළ පුද්ගලයින් 12 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව විසින් කටුනායන ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (16)දින අලුයම 1.30ට පමණ කටාර් රාජ්‍ය හා කැනඩාවට යෑමට තැත් කළ ඇති පුද්ගලයින් 7 දෙනෙක් හා කාන්තාවන් 5 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මොවුන් කිරිබත්ගොඩ, පමුණුගම, කෑගල්ල, මාවනැල්ල, පොල්ගහවෙල, අලවතුගොඩ, නුගේගොඩ හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අතර නීති විරෝධී ලෙස ව්‍යාජ වීසා මඟින් විදෙස්ගත වීමට කටයුතු සැලසුම් කළ සැකකාරිය ද සිටියි.

එම සැකකාරිය විසින් 5 වන පටුමඟ, කන්දේවත්ත පාර, බත්තරමුල්ල ලිපිනයේ භාෂා පුහුණු හා වීසා ලබා දෙන ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

සැකකරුවන් හා සැකකාරියන් ඊයේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කටයුතු සැලසුම් කළ සැකකාරිය සැප්තැම්බර් මස 29 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනෙක් සැකකරුවන් හා සැකකාරියන් රුපියල් ලක්ෂ 6ක් බැගින් වු ශරීර ඇප මත මුදා හැර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

colombotoday

පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි.

colombotoday

හිටපු මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට FCIDයට අවසර..

colombotoday

මුහුණු වසා කඩු, පොලු රැගෙන ආ පිරිසකගේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තරුණියක් මරුට. – දසදෙනෙකු රෝහලේ..

Admin

ජීවනෝපාය අහිමි පවුල් 5,75,520කට දෙදෙහසේ දීමනාව ලබා දී අවසන්

colombotoday