Colombo Today Local News

අන්තර්ජාලය මගින් කෝටි 6ක් වංචා කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

විදෙස් රටවල ලොතරැයි දිනුම් ඇදී ඇති බවට හා විදෙස් රටකින් වටිනා ත්‍යාගයක් ලැබී ඇති බවට පවසමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදෙස් ජාතිකයින් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, නයිජීරියානු, චීන සහ පිලිපීන ජාතිකයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔවුන් විසින් රුපියල් කෝටි 06කට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිලි 101ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

බාල ඉන්ධන තොගයක් ගෙන්වලා.. ගුවන් යානා අනතුරේ !

colombotoday

රැකියා නැති උපාධි ධාරයෝ පළාත් සභාවට එති

colombotoday

කොටි සැමරීම දෙමළ ජනතාවගේ මූලික අයිතියක්.. ඊට වාරණ දාන්න එපා. – TNA ජනපතිට ලියයි

colombotoday

රණවිරුවන්ට කෘතගුණ සලකන්නේ මෙහෙමද? – යුද හමුදාපති අසයි

colombotoday

සේනා උතුරුමැද ආක්‍රමණය කරද්දී හම්බන්තොටට තවත් ආගන්තුකයෙක්…

colombotoday