Colombo Today Local News

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීමට විරුද්ධයි

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බව ද සඳහන් කරන අමාත්‍යවරයා, ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල පිහිටි ජපන් රැකියා පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේ ය.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ, “අද සමහරු සැප විදින්නේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කොට අප රටට එවන මුදලින්” බවය.

එම නිසා විදෙස් රැකියා සඳහා යන කාන්තාවන් ගෞරවාන්විත රැකියා සඳහා යොමුකිරීමේ දී අනෙක් රටවල විදේශ රැකියා සඳහා පිටත්කරන කාන්තාවන්ට ලබා දෙන පුහුණුවට වඩා හොඳ භාෂා හා ප්‍රායෝගික පුහුණුවක් අපි ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සියලුම සහය ලබා දෙන බවත්, ඉදිරියේ දී, රැකියා අවස්ථා වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

Related posts

පියාගේ මිටි පහරින් මරු දුටු තරුණයා

Admin

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් වෙයි

Admin

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

colombotoday

බලධාරීන් දැන්වත් ජනතාවට ඇත්ත ප‍්‍රකාශ කළ යුතුයි – GMOA

colombotoday

කලාඔයේ දියනෑමට ගිය දරුවෙක් මරුට

Admin

කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් නැවතිලා… රෝගීන් දැඩි අසීරුවට පත්වෙයි

colombotoday