Colombo Today Local News

කුරුණෑගල නගරාධිපති ගේ පෙත්සම – විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි

බුවනෙකබා රජ සමයට අයත් බවට සැලකෙන කුරුණෑගල පෞරාණික රාජ සභා ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් අද (14)දින අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට නොවැම්බර් මස 12 වනදා දක්වා කල් ලබා දුනේය.

පෙත්සම් ඉදිරිපත් කළ කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ කඩා ඉවත් කළ බව කියන ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා පනත යටතේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර නොමැති බවය.

එබැවින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීතිමය වශයෙන් බල ශූන්‍ය නියෝගයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දිගටම උපකාර කිරීමට චීනයෙන් පොරොන්දුවක්

Admin

අය වැය හිඟය පියවන විදිය රටට කියන්න

Admin

විදේශ සංචාරකයින් ප්‍රවාහන බස් වලට ඩීසල් ලංගම ඩිපෝවලින්

colombotoday

පාස්කු ප්‍රහාරයට ඊශ්‍රායල් බුද්ධි අංශ සම්බන්ධයි | රවුෆ් හකීම් ගේ නව සොයා ගැනීම

colombotoday

“දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතුයි”

Admin

සුළු ඡන්ද ගැන සත්‍ය හා බැසිල්ගේ මිත්‍යාව…

colombotoday