Colombo Today Local News

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

අපරාධ වාර්තා කොට්ඨාසයේ ඊයේ (11)දින පැවැති වැඩමුළුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

පොලිස් අධිකාරිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ මෙම වැඩමුළුව පවත්වා ඇත.

එහිදි අදහස් දැක්වු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ රාජකාරීයට අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලිස් නිලධාරින්ට සියලු පහසුකම් සලසා දී තිබෙන බවය.

එම නිසා ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම පොලිස් නිලධාරින්ගේ වගකීම බවද ඒ මහතා පැහැදිලි කළේය.

සිය බල ප්‍රදේශවල, මහ පරිමාණයෙන් වගුරුබිම් ගොඩකරමින් ගංජා හේන් වගා කිරීම සම්බන්ධයෙන් එම අදාළ නිලධාරින් නොදන්නේ නම් ඒ පිළිබඳව ලැජ්ජාවිය යුතු බවද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කළේය.

Related posts

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday

“දුම්රිය ගාස්තු ත් ඉහළ දමනවා “- ඇමති කියයි

colombotoday

අදත් විදුලිය කැපෙයි

colombotoday

මැතිවරණ කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුටත් නොහැකියි – මැකෝ

colombotoday

අද වාර්තා වූ කොරෝනා රෝගියා ඉන්දුනීසියාවේ ගොස් පැමිණි බේරුවල පුද්ගලයකුගේ බිරිඳක්.

colombotoday

කොරියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday