Colombo Today Local News

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

පසුගිය යහපාලන රජය සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින්, යහපාලන රජය බලයට ගෙන ඒමට උපකාර කළ පාර්ශව සම්බන්ධ කරගනිමින් ඔවුන්ට තනතුරු ලබා දෙමින් ඇති කළ දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි හෙළිවුනා.

ඒ යහපාලන රජය සමයේ සිදුවු දේශපාලන පලිගැනීම් සම්බන්ධව සොයා බලනා ජනාධිපති කොමිසම හමුවේය.

එවකට අගමැති රනිල් විසින් ඇති කළ මෙම කමිටුවට දේශපාලන පක්ෂ වල සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් සාමාජිකයන් වුවා. කැබිනට් මන්ඩලයටත් ඉහළ බලතල තිබූ මෙම කමිටුව රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේ රැස්ව තිබුනා.

මෙම කමිටුව විසින් මහජන මුදල් කෝටි තුනකට අධික ප්‍රමාණයක් වැටුප්, දීමනා හා සෙසු වියදම් වශයෙන් ලබා ගෙන තිබෙනවා.

එහිදි එම කමිටුව වෙනුවෙන් යහපාලන රජය ලබා දී තිබෙන මුදල රුපියල් තුන්කෝටි තිස්හත්ලක්ෂ දාහතරදහස් අටසිය හතක් (33714807.59)ක් වෙනවා.

Related posts

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

colombotoday

“ආර්ථික අර්බුදයට කළමනාකරණයක් නැති වුණොත් භයානක උවදුරක් ඇති විය හැකි”

colombotoday

සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි

colombotoday

අද සිට ලැබෙන බදු සහන මෙන්න

colombotoday

මංගල උත්සවයේ ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්වා පොලිසියට දීලා

colombotoday

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට එකඟයි – මහින්ද රාජපක්ෂ පවසයි

colombotoday